ඊයේ සවස රාජකාරි නිමවා නිවාස බලා යමින් සිටි 49 හැවිරිදි රාජ්‍ය අංශයේ නිලධාරිනියක් කලුතර සිට අලුත්ගම දක්වා ධාවනය බස් රථයක ගමන් කරමින් සිටියදී පසු පස අසුනේ සිටි පුද්ගලයෙක් ශරීරය අවස්ථා කිහිපයකදී විටින් විට ස්පර්ශ කර තිබෙන බව පවසන ඇය එහිදී අදාල බස් රථයේ මගීන්ට හා කොන්දොස්තරවරයාට මේ පිලිබදව පවසා තිබෙනවා. එම අවස්ථාවේ අලුත්ගම බස් නැවතුමේ රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් දෙදෙනකු මෙම සැකකාර පුද්ගලයාව අත් අඩංගුවට ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.
සැකකාර පුද්ගලයා වයස අවුරුදු 24 ක් තරුණයෙක් වන බවත් කිතුල්ගල ප්‍රදේශයේ පදිංචි කරුවෙක් ද වන බවයි වැඩි දුරටත් සදහන් වන්නේ.