විල්පත්තුව ජාතික වනෝද්‍යානය තුල ඉඩම් ඇති බව පවසමින් මේ දිනවල බොහෝ දෙනා විල්පත්තුවට පැමිණෙමින් සිටින බව පැවසෙනවා. ඇතැම් පුද්ගලයෙක් තමාට විල්පත්තුව රක්ෂිතයෙන් අක්කර 115 ක ඉඩමක් ඇති බව ද පවසමින් අදාල බලපත්‍ර ද සහිතව බලධාරීන් හමුවට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.
අදාල පාලනාධිකාරිය සදහන් කරන්නේ ඉඩම් අයිතිය ගැන කියමින් එන පුද්ගලයින් මේ වන විට වැඩි වෙමින් පවතින බවයි. ඔවුන් විවිධ වර්ගයේ බලපත්‍ර ද මිට අදාල අයිතිය ප්‍රකශ කරමින් රැගෙන එන බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.