News Line| Off Air
Generic placeholder image

Oct
2

සුනාමියෙන් අතුරුදන් වූ පුතාට හිමිකම් කියන්න මව්වරු දෙදෙනෙක් ඉදිරිපත් වෙයි

777 Views


සුනාමියෙන් අතුරුදන් වූ පුතාට හිමිකම් කියන්න  මව්වරු දෙදෙනෙක් ඉදිරිපත් වෙයි

පසුගියදා 2004 සුනාමිය නිසා අතුරුදන් වූ 21ක් හැවිරිදි අක්‍රම් රිස්කාන් සිය මව සොයා ආ පුවතක් මාධ්‍ය තුල වාර්තා වුන අතර සමන්තුරේ ජීවත් වූ අබුසාලි සිත්ති හමාලියා නමැති කාන්තාව සදහන් කලේ සුනාමිය හේතුවෙන් අතුරුදන් වූ තම පුතා තමා සොයාගෙන පැමිණි බවයි.

මේ පුවත මාධ්‍ය තුල වාර්තා වීමත් සමග එම පුත්‍රයාට හිමිකම් කියන්න තවත් මවක් ඉදිරිපත්ව සිටින බවයි මේ වන විට වාර්තා වන්නේ. මේ අනුව මෙම මව්වරු දෙදෙනාම තම දරුවා මෙම 21 හැවිරිදි පුත්‍රයා යැයි පැවසීම හේතුවෙන් මව සොයා ගැනීම සදහා ඩීඑන්ඒ පරීක්ෂණයක් සිදු කිරීමට පියවර ගෙන තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post