විසිවැනි අාණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතෙහි අැතැම් වගන්ති අාණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට ප්‍රකාශ කරන ලෙසට ඉල්ලා ගොනු කරන ලද විශේෂ පෙත්සම් සළකා බැලීම ශ්‍රේෂ්ඨාධිකරණය අද අවසන් කළා.
ඒ අනුව ඊට අදාළ තීරණය ඒළඹෙන 13 වැනිදා කථානායකවරයා වෙත යොමු කිරීමට නියමිතයි.
අද සිව්වැනි දිනට මෙම පෙත්සම් සළකා බැලීම ශ්‍රේෂ්ඨාධිකරණයෙදී සිදු වූ අතර ඒහිදී නීතිපති දප්පුල ද ලිවේරා මහතාගේ දේශන අවසන් වුණා.
විසිවැනි අාණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට ඒරෙහි පෙත්සම් 39ක් ඉදිරිපත් වූ අතර අතරමැදි පාර්ශව 20ක් අාණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පක්ෂව පෙත්සම් ගොනුකර තිබුණා.
අදාළ පෙත්සම් අද දින සළකා බැලුණේ, අගවිනිසුරු ජයන්ත ජයසූරිය, විනිසුරු බුවනෙක අළුවිහාරේ, විනිසුරු සිසිර ද අාබෘෘ, විනිසුරු ප්‍රියන්ත ජයවර්ධන සහ විනිසුරු විජිත් මලල්ගොඩ යන පංච පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේයි.
එම පනත් කෙටුම්පත නිසි ලෙස නීතියක් බවට පත්වීමට නම් පාරිලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ජන්දයෙන් හෝ ජනමත විචාරණයකින් සම්මත වියයුතු බවට ප්‍රකාශ කරන ලෙසට පෙත්සම්කරුවන් මෙම පෙත්සම් මගින් ඉල්ලා තිබුණා.