ශ්‍රී ලංකාව තුල මේ වන විට ඇතිව තිබෙන කොරෝනා අවදානම සැලකිල්ලට ගනිමින් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ ද මේ වන විට සීමාවකට යටත් කර තිබෙනවා.
මේ අනුව ගුවන් තොටුපළ තුළ පිහිටි පැමිණීමේ පර්යන්තයේ ආලින්දයට සහ පිටත්වීමේ පර්යන්තයේ ඇති ආලින්දයටත් ගුවන් මගීන් සමඟ පැමිණෙන අමුත්තන්ට පිවිසීම ද තාවකාලිකව නවතා තිබෙන අතර මහජන ප්‍රේක්ෂක මණ්ඩපයද නැවත දැනුම් දෙනතුරු වසා දමා දැමීමට ගුවන් තොටුපොල පාලන අධිකාරිය පියවර ගෙන තිබෙනවා.