කොරෝනා වෛරසය ආසාදනය වී වොෂිංටන්හි වෝල්ටර් රීඩ් හමුදා රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටින අැමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප්, ඊයේ රෝහලෙන් පිටතට පැමිණ තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, විශේෂ මෝටර් රථයක නැගී රෝහලෙන් පිටතට පැමිණි අැමෙරිකානු ජනාධිපතිවරයා, රෝහල අවට රැස්ව සිටි සිය පාක්ෂිකයින්ට ආචාර කරමින් ගමන් කළ බවයි.
මෝටර් රථය තුළ අසුන් ගෙන සිටි ජනාධිපති ට‍්‍රම්ප් මුඛ ආවරණයක් පැළඳ සිටීම විශේෂත්වයක්.
කෙසේවෙතත් ට්‍රම්ප් ජනාධිපතිවරයා මෙලෙස රෝහලෙන් පිටතට පැමිණීම දැඩි ලෙස විවේචනයට ලක්ව තිබෙනවා.
කෙසේවෙතත් රෝහල් අාරංචි මාර්ග පෙන්වා දෙන්නේ ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය තවදුරටත් වෙෙද්‍ය අධීක්ෂණය යටතේ පවතින බවයි.
ඔහුගේ රෝගී තත්ත්වය බරපතල බැවින් අද දිනයේ ඔහුට රෝහලින් පිටව යා හැකි බවට පළ වන වාර්තා පිළිබද සැක මතුවන බව විදෙස් මාධ්‍ය සදහන් කළා.
ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසා ඇත්තේ, තමන් කොවිඞ් වසංගතය සම්බන්ධයෙන් බොහෝ දෑ උගත බවයි.
වෛරසය පිළිබඳ ඉගෙන ගැනීමට හැකි හොඳම පාසල මෙය බවත්, තමන් ඒ සම්බන්ධයෙන් අවබෝධයක් ලබාගත් බවත්, ඔහු සිය ට්විටර් පණිවිඩය මගින් වැඩිදුරටත් පවසා තිබෙනවා