රාගම රෝහලට ඇතුලත් කර සිටි රෝගියෙක් ඊයේ දහවල් කාලයේදී සිදු කරන ලද PCR පරීක්ෂණයේදී කොරෝනා ආසාදිත බවට තහවුරු වීමත් සමග එම රෝගියා ඊයේ රාත්‍රියේදී රෝහලෙන් පැන ගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරනවා.
අදාල පුද්ගලයා පෑලියගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර පැන ගිය පුද්ගලයා සොයා මේ වන විට විමර්ශ ආරම්භ කර තිබෙනවා.