News Line| Off Air
Generic placeholder image

Oct
8

මිනුවන්ගොඩ පොලිසියේ සියලු නිලධාරීන් නිරෝධායනයට

580 Views


මිනුවන්ගොඩ පොලිසියේ සියලු නිලධාරීන් නිරෝධායනයට

මිනුවන්ගොඩ පොලිස් ස්ථානයේ සේවය කරන සියලුම පොලිස් නිලධාරීන් PCR පර්යේෂණ සදහා යොමු කර තිබෙන අතර ඔවුන් නිරෝධායනය කිරිමටටද පියවර ගන්නා බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කර සිටින්නේ.

මෙලෙස නිරෝධායනයට ලක් කිරීමටද පියවර ගෙන තිබෙන්නේ එම පොලිස් ස්ථානයේ ආපන ශාලාවේ සේවය කරනු ලබන පුද්ගලයෙකු හටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමගයි.. මෙම පුද්ගලයාගේ පුත්‍රයාට ද කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙන අතර ඔහු මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ සේවය කරනු ලබන අයෙක්.


News Articles
Latest Videos
Most Popular Post