පවතින තත්වය හමුවේ වාර්තා වන කොරෝනා ආසාදිතයින් ඇතුලත් කිරීම සදහා තවත් රෝහල් තුනක් සූදානම් කර තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කරනවා. මේ අනුව හෝමාගම මූලික රෝහල, අඹන්පොල ප්‍රාදේශීය රෝහල හා ලග්ගල පල්ලේගම ප්‍රාදේශීය රෝහල මෙලෙස කොරෝනා සදහා සුදානම් කර ඇති රෝහල් වෙනවා.
රෝගීන් වාර්තා වීම සලකා තවත් රෝහල් ඉදිරියේදී සූදානම් කරන බවද එම අමාත්‍යාංශය වැඩි දුරටත් සදහන් කළා.