හොරණ රෝහලේ හෙදියන් දෙදෙනෙකුට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බවට හදුනා ගෙන තිබෙනවා. මේ හේතුවෙන් එම රෝහලේ වාට්ටු දෙකක්ද ද තාවකාලිකව වසා දැමීමට රෝහල් බලධාරීන් පියවර ගෙන තිබෙනවා.
මෙම කොරෝනා ආසාදනය වූ හෙදියන් දෙදෙනාගේ එක් හෙදියකුගේ ස්වාමි පුරුෂයා මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ සේවය කර තිබෙන බවද සදහන්.