කොරෝනා රෝගීන්ගේ ආශ්‍රිතයින් කඩිනමින් PCR පරික්ෂණ සඳහා යොමු කිරීම අවශ්‍ය නොවන බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කල අතර .
යම් පුද්ගලයෙකුට වෛරසය ශරීරගත වී ඇත්නම් එය හඳුනා ගැනීම සිදුකළ හැක්කේ දින 02ත් 10ත් අතර කාලයේදී බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසීය.
ඊයේ(10) දිනයේ මිනුවන්ගොඩ පොකුරෙන් හඳුනාගත් නව ආසාදිතයින්ට අමතරව විදෙස් ගතව පැමිණි දෙදෙනෙක් ද කොරෝනා ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබේ.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ නිරෝධායනය වෙමින් සිටි ශ්‍රී ලාංකික මුහුදු ආරක්ෂකයින් දෙදෙනෙකු එළෙස කොවිඩ් -19 ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇති බවයි.