News Line| Off Air
Generic placeholder image

Oct
12

මහජන සේවාවන්ට අදාළ කම්කරු දෙපාර්තමේන්තුවේ නිවේදනය

433 Views


මහජන සේවාවන්ට අදාළ කම්කරු දෙපාර්තමේන්තුවේ නිවේදනය

උද්ගතව ඇති කොරෝනා වෛරස තත්ත්වය හමුවේ සේවාවන් ලබාගැනීම සඳහා කොළඹ නාරාහේන්පිට පිහිටි ප්‍රධාන කාර්යාලයට පැමිණීමේ අවශ්‍යතාවයක් නොමැති බව කම්කරු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකු් කරමින් පවසනවා.

කම්කරු කොමසාරිස් ජනරාල් ඒ. විමලවීර මහතා ප්‍රකාශ කළේ, මහජන සේවාවන්ට අදාළ සියලු කටයුතු ප්‍රාදේශීය කාර්යාල හරහා සිදුකිරීමට අවශ්‍ය විදිවිදාන යොදා ඇති බවයි.

කම්කරු දෙපාර්තමේන්තුවේ මහජන සේවාවන්වලට අදාළ සියලු කටයුතු සියලු ප්‍රාදේශීය කාර්යාල වෙත විමධ්‍යගත කර ඇති බව අදාළ නිවේදනයෙන් වැඩිදුරටත් පෙන්වා දෙනවා.

ඒ් හේතුවෙන් ප්‍රදේශයේ කම්කරු කාර්යාලය මගින් අවශ්‍ය සේවාවන් ලබාගැනීමට කටයුතු කරන ලෙස ද ඒම දෙපාර්තමේන්තුව ජනතාව වෙත දැනුම් දෙනවා.


News Articles
Latest Videos
Most Popular Post