මිනුවන්ගොඩ ඇගළුම් කර්මාන්ත ශාලාවේ කොරෝනා ආසාදිත පොකුරෙන් වාර්තා වී ඇති ආසාදිතයින් ගණන මේ වන විට 1,300 ඉක්මවා ගොස් තිබෙන බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරනවා. මේ අනුව එම සමස්ත ආසාදිත ගණන 1307ක්.
ඊයේ දිනයේ වාර්තා වූ ආසාදිතයින් 121 දෙනා අතරින් 87දෙනෙක් නිරෝධායන මධ්‍යස්ථාන වලින් සොයා ගත් අතර ආසාදිතයින් 34දෙනා මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්ත ශාලා සේවකයින්ගේ ඇසුරු කල පුද්ගලයින් වෙනවා.