ගිනි ගැනීමට ලක් වූ නිව් ඩයමන්ඩ් නෞකාවේ කපිතාන්වරයාට සිතාසියක් ලද විගස කොළඹ මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නිෙයා්ග කළා.
ඒ, නෞකාව ගිනි ගැනීමට අදාළ පැමිණිල්ල අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවේ කැදවනු ලැබූ අවස්ථාවේදීයි.
ඒහිදී විත්තිකරුට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ පසුගිය 8 වැනිදා අධි චෝදනා ගොනු කළ බව පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් මහතා අධිකරණයට දන්වා සිටියා.
සිතාසියක් ලද විට මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස විත්තිකරුට අවවාද කරන ලෙස ද මෙහිදී නියෝජ සොලිසිටර් ජනරාල්වරයා ඉල්ලා සිටියා.
ඒ අනුව සිතාසියක් ලද විට කොළඹ මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස එම නෞකාවේ කපිතාන්වරයා වන තිරෝස් හිල්යාස් නමැත්තාට නියම කළ අතර කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවැත්වෙන මෙම නඩු කටයුතු අවසන් කිරීමට ද නියෝග කෙරුණා.