News Line| Off Air
Generic placeholder image

Oct
12

පොඩිමැණිකේ දුම්රිය පෙරළීමට උත්සහ කල තරුණයෙකු අල්ලයි

1132 Views


පොඩිමැණිකේ දුම්රිය පෙරළීමට උත්සහ කල තරුණයෙකු අල්ලයි

දුම්රිය මාර්ගයට විශාල ගල් දමා කොළඹ සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ පොඩිමැණිකේ දුම්රිය ඇල්ල ප්‍රදේශයේ බිංගෙයක් ආසන්නයේදී පෙරළීමට උත්සහ කල තරුණයෙකු පැන යමින් සිටියදී දුම්රිය මාර්ග මුර සංචාරයක නිරතවී සිටි සේවකයෙකු විසින් අල්ලාගෙන පොලීසියට භාර දී තිබෙනවා.

18 හැවිරිදි එම සැකකරු ඇල්ල ප්‍රදේශයේ පදිංචි කරුවෙක් වන බවයි පැවසෙන්නේ..මෙම අනතුර සිදු කිරීමට තැත් කල අනෙක් පිරිස ද මේ වන විට හදුනාගෙන තිබෙනවා.

දුම්රිය බිංගෙය ආසන්නයේදී දුම්රිය මාර්ගයේ විශාල ගල් කීපයක් තබා තිබෙන ආකාරය දුටු එම දුම්රියේ රියදුරු විසින් තිරිංඟ තදකර දුම්රිය නවතා ගෙන සිදු වීමට ගිය විශාල අනතුර වලක්වා ගෙන තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post