News Line| Off Air
Generic placeholder image

Oct
12

උතුරු සහ නැගෙනහිර ධීවරයින්ට දින තුනක් මුහුදු නොයන්නැයි උපදෙස්

395 Views


උතුරු සහ නැගෙනහිර ධීවරයින්ට දින තුනක් මුහුදු නොයන්නැයි උපදෙස්

අද සිට අනිද්දා දක්වා නැගෙනහිර, මධ්‍යම බෙංගාල බොක්ක සහ උතුරු අන්දමන් මුහුදු ප්‍රදේශ වෙත යාත්‍රා කිරීමෙන් වළකින ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ධීවර ප්‍රජාවගෙන් ඉල්ලීමක් කරනවා.

ඒම දෙපාර්තමේන්තුව පවසන්නේ, ඉදිරි දින කිහිපය තුළ අදාළ මුහුදු ප්‍රදේශ අාශ්‍රිතව ඉතා රළු, තද සුළං මෙන්ම වැසි අැතිවිය හැකි බැවින් ධීවරයින්ට ඒම ප්‍රදේශ අාශ්‍රිතව ධීවර කටයුතුවල නිරත වීමෙන් වළකින ලෙසයි.

අදාළ මුහුදු ප්‍රදේශ අාශ්‍රිතව පවතින පීඩන අවපාතය අද දිනය තුළ ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීම ඊට හේතුව බවයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ.

ඒය බස්නාහිර දිශාවට බරව ගමන් කරමින් අද මධ්‍යම රාත්‍රියේදී ඉන්දියාවේ අාන්ද්‍ර ප්‍රදේශ් වෙරළ හරහා ගමන් කරනු අැති.


News Articles
Latest Videos
Most Popular Post