News Line| Off Air
Generic placeholder image

Oct
14

අලගරත්නම් මනෝරන්ජන් සී.අයි.ඩී. අත්අඩංගුවට

563 Views


අලගරත්නම් මනෝරන්ජන් සී.අයි.ඩී. අත්අඩංගුවට

2019 ජනාධිපතිවරණය පැවති දිනයේ අවතැන් වූ ඡන්දදායකයින් පුත්තලමේ සිට සිලාවතුර ප්‍රදේශය දක්වා ලංගම බස් රථ මගින් ප්‍රවාහනය කර, රජයේ මුදල් අවභාවිත කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින අලගරත්නම් මනෝරන්ජන් මහතාව ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කිරුලපන ප්‍රදේශයේදී ඔහුව අත්අඩංගුවට ගත්තේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින්.

අලගරත්නම් මනෝරන්ජන් මහතා, පසුගිය රජය යටතේ ක්‍රියාත්මක වූ “කාලීනව අවතැන් වූ පුද්ගලයින් නැවත පදිංචි කිරීමේ ව්‍යාපෘතියේ” ගණකාධිකාරීවරයා ද වනවා.

රිෂාඩ් බදියුදීන්, අලගරත්නම් මනෝරන්ජන් සහ “කාලීනව අවතැන් වූ පුද්ගලයින් නැවත පදිංචි කිරීමේ ව්‍යාපෘතියේ” අධ්‍යක්ෂ සම්සුඩීන් මොහොමඩ් යන තිදෙනා අදාළ චෝදනා ලැබ සිටින පුද්ගලයින් වනවා.


News Articles
Latest Videos
Most Popular Post