News Line| Off Air
Generic placeholder image

Oct
14

නිරෝධායන රැදවියන් පිරිසක් පැන යාමට කළ තැත වරදියි

346 Views


නිරෝධායන රැදවියන් පිරිසක් පැන යාමට කළ තැත වරදියි

බෝගම්බර පැරණි බන්ධනාගාර පරිශ්‍රයේ නිරෝධායනය සදහා යොමුකර තිබූ රැදවියන් පිරිසක් බන්ධනාගාර නිලධාරීන් බිය වද්දා පළා යාමට උත්සාහකර තිබෙනවා.

මෙසේ පළා යාමට උත්සාහ කර තිබුණේ, මත්ද්‍රව්‍ය සහ වෙනත් අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි පිරිසක්.

පොලිසිය පැවසුවේ, රැදවියන් 11 දෙනෙකු පෙරේදා රාත්‍රී මෙලෙස පළා යාමට උත්සාහ දරා අැති අතර ඔවුන් සිය අැලුමීනියම් පිගන් තියුණු අායුදයක් සේ සකසා බන්ධනාගාර නිලධාරීන් බිය ගන්වා අැති බවයි.

එහිදී ක්‍රියාත්මක වූ බන්ධනාගාර නිලධාරියෙකු රැදවියන් සමග පොර බදා තිබුණා.

එම අවස්ථාවේදී අැති වු තත්ත්වය පාලනය කිරීම සදහා අාරක්ෂිත මුර කුටිවල නිලධාරීන් අහසට වෙඩි තැබීමක් ද සිදුකර තිබෙනවා.

රැදවියන් සමග පොර බැදීෙමන් තුවාල ලැබූ බන්ධනාගාර නිලධාරියා රෝහල්ගත කෙරුණු අතර ඔහු මේ වනවිට ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගොස් තිබෙනවා.

බන්ධනාගාර කොමසාරිස් පාලකවරයා පැවසුවේ, අදාළ රැදවියන් සිය දෙපාර්තමේන්තුවේ ත්‍රිපුද්ගල විනිශ්චය මඩුල්ල හමුවට ඉදිරිපත් කර ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවයි.


News Articles
Latest Videos
Most Popular Post