මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය ඉහළ යා හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තෙම්න්තුව පවසනවා.
එම දෙපාර්තමෙන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, අදාළ මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර 60 – 70 දක්වා ඉහළ යා හැකි බවයි.
එබැවින් එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු හෝ ඉතා රළු විය හැකි බැවින් හෙට උදෑසන දක්වා මුහුදු යාම අනතුරුදායක බව කාලගුණවිද්‍යා දෙපාර්තෙම්න්තුව ධීවර ජනතාවට දැනුම් දෙනවා.