නිරෝධායනයට ලක් වෙමින් සිටි පුද්ගලයෙක් රහසිගතව වෙනත් රෝග ලක්ෂණ තියෙන බව පවසමින් හම්බන්තොට මහ රෝහලට ඇතුලත් වී තිබෙනවා. උදරයේ අමාරුවක් බව පවසමින් 1990 ගිලන් රථයකට අමතා මෙලෙස මෙම රෝගියා රෝහලේ ප්‍රතිකාර සදහා පැමිණ තිබෙන අතර නිරෝධායන වෙම්න් සිටි මෙම පුද්ගලයාගේ කරන ලද pcr පරීක්ෂණයේ දී මොහුද කොරෝනා අසදිතයෙකු බවට තහවුරු වීමත් සමග ඔහු සෙවීමේදී හම්බන්තොට රෝහලට ඇතුලත් වී සිටින බවයි අනාවරනය වී තිබෙන්නේ.
මේ අනුව මොහුට ප්‍රතිකාර කල වෛදවරුන් ඇතුළු හෙද කාර්ය මණ්ඩලය ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන තිබෙනවා.