News Line| Off Air
Generic placeholder image

Oct
15

කොළඹ මහනගර සභාව සති දෙකකට වැසේ

395 Views


කොළඹ මහනගර සභාව සති දෙකකට වැසේ

කොළඹ මහනගර සභාව මහජනයා සඳහා සති දෙකකට වසා දමා ඇතැයි නාගරික කොමසාරිස් රෝෂිණී දිසානායක මහත්මිය පවසනවා.

නගර සභාවේ කාර්ය මණ්ඩලය සාමාන්‍ය පරිදි රාජකාරි කටයුතු සිදුකරන නමුත් මහජනයා සඳහා  වසා දමා ඇතැයි ඇය ප්‍රකාශ කළා.

එසේම, ඩීන්ස් පාර මරදාන පිහිටි මහජන ආධාර දෙපාර්තමේන්තු කාර්යාලය ද සති දෙකක් වසා දමා ඇති අතර, එහි කාර්ය මණ්ඩලයටත්  මහජනයාටත් යන දෙපිරිසටම එය සම්පූර්ණයෙන් වසා දමා ඇති බවයි නාගරික කොමසාරිස්වරිය පැවසුවේ.


News Articles
Latest Videos
Most Popular Post