News Line| Off Air
Generic placeholder image

Oct
15

කොරෝනා ආසාදිත බ්‍රිතාන්‍ය ජාතිකයෙකුට හිටිහැටියේ කන් ඇසීම අහිමි වෙයි

406 Views


කොරෝනා ආසාදිත බ්‍රිතාන්‍ය ජාතිකයෙකුට හිටිහැටියේ කන් ඇසීම අහිමි වෙයි

කොරෝනා වෙෙරසය ආසාදනය වූ 45 හැවිරිදි බ්‍රිතාන්‍ය ජාතිකයෙකුට කන් ඇසීම අහිමි වී ගිය පුවතක් වාර්තා වනවා.

ඇදුම රෝගයෙන් ද පෙළුණු එම පුද්ගලයා කොරෝනා වෙෙරසයේ ලක්ෂණ පෙන්නුම් කිරීමත් සමග ඔහුව ලන්ඩන් නගරයේ රෝහලකට ඇතුළත්කර තිබුණා.

එහිදී දැඩි ස්වසන අපහසුතාවකින් පෙළීම හේතුවෙන් දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබූ අතර පරීක්ෂණවලින් ඔහුට කොරෝනා වෙෙරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.

අවශ්‍ය ප්‍රතිකාර කිරීමෙන් සතියකට පමණ පසුව අදාළ රෝගියාට වම් කනෙහි ‘ගුමු ගුමු’ නාදයක් ඇසීමත් සමග එම කනෙහි ඇසීම නතර වී තිබුණා.

රෝගීයාගේ ශ්‍රවණ තත්ත්වය සම්බන්ධයෙන් සිදු කළ පරීක්ෂණවල වාර්තාවලින් තහවුරු වී ඇත්තේ, ඔහු මුහුණ දී සිටින ශ්‍රවණාබාධයට හේතුව කර්ණ නාලිකාවේ අවහිර වීමක් හෝ ඉදිමීමක් නොව මැද කනෙහි හෝ කන් දෙකෙහිම ශ්‍රවණ නහරවලට හානි වීම හේතුවෙන් එම තත්ත්වය උත්ගත වී ඇති බවයි.

 කොරෝනා වෙෙරසය ආසාදනය වීම හැරුණුකොට ඔහුගේ කන් ඇසීම අහිමි වීම කෙරෙහි බලපෑ වෙනත් හේතුවක් මේ වනතෙක් වෙෙද්‍යවරුන් සොයාගෙන නොමැති බවයි වාර්තා වන්නේ.

ලන්ඩන් යුනිවර්සිටි කොලිජියේ (London University College) උගුර, නාසය සහ කන පිළිබද රාජකීය ජාතික රෝහලේ කණ්ඩායමක් පවසා ඇත්තේ, ජනතාව අතර කොරෝනා වෙෙරසය විශාල වශයෙන් පැතිර පැවැත්ම සහ කන් ඇසීම සැළකිය යුතු මට්ටමකින් අහිමිව යාම ඒ සම්බන්ධයෙන් සිදු කෙරෙන අනාගත පර්යේෂණවලට වැදගත් මාතෘකාවක් බවයි.

කොරෝනා වෙෙරසය ශරීරගත වීමෙන් පසුව එය පෙනහැල්ලට ඇතුළු වී ඒ මතුපිට ස්තරය කලාප ලෙස වෙන්කර ගනිමින් එහි සුවිෙශ්ෂී සෙෙලයක් මගින් ආසාදනය ඇති කරන බවට ද පර්යේෂණ කණ්ඩායම්වල අදහසක් පවතිනවා.

එමෙන්ම වෙෙරසය ආසාදිත පුද්ගලයින්ගේ ශ්‍රවණ සංකූලතා කෙරෙහි අවධානය යොමු කරන ලෙසත් පර්යේෂණ කණ්ඩායම් වෙෙද්‍යවරුන් වෙත උපදෙස් දී තිබෙනවා.

ඔවුන් වෙෙද්‍යවරුන්ට වැඩිදුරටත් දැනුම් දී ඇත්තේ, කොරෝනා රෝගියෙකුගේ කන් ඇසීම හදිසියේ නතර වුවහොත් කඩිනම් ප්‍රතිකාර සදහා විශේෂඥයෙකු වෙත යොමු කරන ලෙසයි.

මේ අතර වෙෙරසය ආසාදනය වූ අයෙක්ට ශ්‍රවණාබාධයක් ඇති වූ බවට වාර්තා වූ පළමු අවස්ථාව මෙය බව එක්සත් රාජධානියේ වෙෙද්‍යවරුන් පවසනවා.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් පුවත් සගරාවකට අදහස් දැක්වූ කණ, නාසය, උගුර පිළිබද විශේෂඥ වෙෙද්‍යවරුන් පවසා ඇත්තේ, උත්තේජක ඔෞෂධ (steroid drugs) කල්තබා රෝගියෙකුට දෙන්නේ නම් එවැනි ආබාධයකට ලක්වීම වළක්වා ගැනීමට එය ආධාරයක් වනු ඇති බවයි.


News Articles
Latest Videos
Most Popular Post