අද උදෑසන 5 සිට ක්‍රියාත්මක වන පරිදි කටුනායක පොලිස්බල ප්‍රදේශයටත් නිරෝධායන අැදිරි නීතිය පනවා තිබෙනවා.
කොවිඩ් මර්දන ජනාධිපති කාර්ය සාධන බලකායේ ප්‍රධානි, යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ, ඇඳිරි නීතිය ක්‍රියාත්මක වුව ද අපනයන සැකසුම් කලාපයේ සේවකයින්ට තම හැඳුනුම්පත ඉදිරිපත් කර සේවයට වාර්තා කළ හැකි බවයි.
මේ වනවිට පොලිස් බල ප්‍රදේශ 19කට නිරෝධායන ඇඳිරි නීතිය පනවා අැති අතර එය තවදුරටත් බලපැවැත්වෙනවා.
ඒ අනුව ගම්පහ කොට්ඨාසයේ ගම්පහ, ගනේමුල්ල, කිරිඳිවැල, දොම්පේ, මල්වතුහිරිපිටිය, මීරිගම, නිට්ටඹුව, පූගොඩ, වේයන්ගොඩ, මිනුවන්ගොඩ, වීරගුල, වැලිවේරිය, පල්ලෙවෙල, යක්කල මෙන්ම කැලණිය කොට්ඨාසයේ ජා-ඇල සහ කඳාන පොලිස්බල ප්‍රදේශවල සහ මීගමුව කොට්ඨාසයේ ද, සීදූව පොලිස් බල ප්‍රදේශවලට අද දිනයේත් නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මකයි.
එමෙන්ම එම බලප්‍රදේශවල සියලු වෙළඳසැල් අද දිනයේත් වසා තැබිය යුතු බව ව්‍යාපාරික ප්‍රජාවට දැනුම් දෙනවා.