මිනුවන්ගොඩ කොරෝනා අාසාධිත පොකුරෙන් ඊයේ දිනය තුළ නව අාසාදිතයින් 130 දෙනෙකු හදුනාගෙන තිබෙනවා.
එ් අනුව එම පොකුරෙන් මේ වනවිට වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 1721 ක්.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ, ඉන් වැඩි දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවල සිටින ආශ්‍රිතයින් හා කාර්ය මණ්ඩල සාමාජිකයින් වන බවයි.
මෙරටින් වාර්තාවන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යව මේ වනවිට 5170 දක්වා ඉහළ ගියා.
එමෙන්ම කොරෝනා ආසාදිතයින් 1798 දෙනෙකු තවමත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළා.