News Line| Off Air
Generic placeholder image

Oct
15

ජාතික රෝහල මහජනතාවට සීමා කෙරේ

468 Views


ජාතික රෝහල මහජනතාවට සීමා කෙරේ

පවතින කොරෝනා අනදානම පාලනය කිරීම සදහා ජාතික රෝහලේ සායනවලට පැමිණෙන රෝගීන් සීමාකර තිබෙනවා.

එහි නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා පැවසුවේ, රෝහලේ තදබදය අවම කිරීමේ අවශ්‍යතාව මත සායනවලට රෝගීන් පැමිණීම අවශ්‍ය නොවන අවස්ථාවන්වලදී නිවෙස්වලටම ඖෂධ යැවීමේ වැඩපිළිවෙළක් යොදන බවයි.

මීට අමතරව ජාතික රෝහලේ සායනික කාඩ්පත ඉදිරිපත් කර අදාළ ප්‍රාදේශීය රෝහලේ බෙහෙත් ශාලාවෙන් ද ඖෂධ ලබාගත හැකියි.

එමෙන්ම රෝගීන් බැලීම සදහා පැමිණෙන ජනතාව ද සීමා කරන බවයි රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා පැවසුවේ.


News Articles
Latest Videos
Most Popular Post