News Line| Off Air
Generic placeholder image

Oct
15

කොරෝනා ප්‍රතිකාර සදහා අමතර රෝහල් 10ක්

283 Views


කොරෝනා ප්‍රතිකාර සදහා අමතර රෝහල් 10ක්

කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරීම සදහා අමතර රෝහල් 10ක් සූදානම් කර අැති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

එහි මාධ්‍ය ප්‍රකාශක වෙෙද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා පැවසුවේ, දැනට රෝහල් 14ක 2400 ඉක්ම වූ අැදන් සංඛ්‍යාවක් කොරෝනා රෝගීන්ට වෙන්කර අැති බවයි.

ඊට අමතරව දැඩි සත්කාර එ්කකවල අැදන් 146ක් කොරෝනා රෝගීන් වෙනුවෙන් වෙන්කර අැති බව ද ඔහු ප්‍රකාශ කළා.

මේ අතර මිනුවන්ගොඩ කොරෝනා පොකුරින් හමු වූ කිසිදු කොරෝනා අාසාදිතයෙකු මේ දක්වා දැඩි සත්කාර එ්කක වෙත අැතුළත් කර නැහැ.


News Articles
Latest Videos
Most Popular Post