News Line| Off Air
Generic placeholder image

Oct
15

රිෂාඩ් අධිකරණයෙන් කළ ඉල්ලීම

401 Views


රිෂාඩ් අධිකරණයෙන් කළ ඉල්ලීම

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාව අත්අඩංගුවට ගැනීම වළකන ලෙස ඉල්ලා ඔහුගේ නීතිඥවරුන් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර අැතැයි වාර්තා වනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමකට අනුව ඊයේ මන්ත්‍රීවරයාට කොටුව මහෙස්ත්‍රාත්වරයා විසින් විදෙස් ගමන් තහනමක් ද පනවනු ලැබුවා.

පසුගිය ජනාධිපතිවරණයේදී අවතැන් වූවන්ට ඡන්දය භාවිත කිරිම සදහා පුත්තලමේ සිට සිලාවතුර ප්‍රදේශය දක්වා ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ මගින් ප්‍රවාහනය කිරීම සහ රජයේ මුදල් අවභාවිත කිරීම යන චෝදනා සම්බන්ධයෙන් ඔහුව අත්අඩංගුවට ගැනීමට මේ වනවිට විමර්ශන ක්‍රියාත්මකයි.


News Articles
Latest Videos
Most Popular Post