කොරෝනා අාසාදිතයින් ලෙස හදුනාගත් පුද්ගලයින් ගමන්ගත් බස්රථ කිහිපයක් මේ වනවිට හදුනාගෙන අැතැයි ප්‍රාවාහන අමාත්‍යාංශය පවසනවා.
එ් අනුව, කොළඹ සිට මැදගම (ND 4890), මාකුඹුර සිට ගාල්ල (ND 2350), අම්බලන්ගොඩ සිට කඩවත (ND 549), කොළඹ සිට යාපනය (6503), අැල්පිටිය සිට කොළඹ (ND 9788) සහ ගාල්ල සිට කඩවත (NF 7515) දක්වා ගමන්ගත් බස් රථ එලෙස හදුනාගත් බස් රථ වනවා.
ඊයේ කොළඹදී මාධ්‍ය හමුවක් පවත්වමින් ප්‍රවාහන අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, සුඛෝපභොගි බස් රථවලට මගීන් නංවාගැනීමට පෙර ඔවුනගේ ශරීර උෂ්ණත්වය පරීක්ෂා කිරීම සිදුකළ යුතු බවයි.
ශරීර උෂ්ණත්වය ඉහළ අගයක පවතින යමෙක් වේ නම් අදාළ සෞඛ්‍ය අංශ වෙත යොමු කරන ලෙස ද බස් රථ සහායකයින්ට දැනුම් දෙනවා.
එමෙන්ම මේ වනවිට දෛනිකව බස් රථවල ගමන් ගන්නා මගීන් සංඛ්‍යාව ද සිඝ්‍ර ලෙස අඩුවී ඇති අැතැයි ද ප්‍රවාහන අමාත්‍යවරයා ප්‍රකාශ කළා.
ඔහු වැඩිදුරටත් පැවසුවේ, බස් රථවල ගමන් කරන මගීන්ගේ සෞඛ්‍යාරක්ෂිතභාවය සම්බන්ධයෙන් බස් රථ සේවකයින් වැඩි අවධානයක් යොමුකළ යුතු බවයි.