News Line| Off Air
Generic placeholder image

Oct
16

නිරෝධායනයට යන්න කියන්න ආ හමුද නිලධාරියා පිටුපස සුනඛයෙක් ලුහුබදින්න සලස්වයි

600 Views


නිරෝධායනයට යන්න කියන්න ආ හමුද නිලධාරියා පිටුපස සුනඛයෙක් ලුහුබදින්න සලස්වයි

නිරෝධායනය සිදු කිරීම සදහා සුදානම් වන ලෙසට දැන්වීමට පැමිණි හමුදා නිලධාරියෙකුට සිදු වූ අකරතැබ්බයක් ගැන පුවතක් වාර්තා වෙනවා. එනම් අදාල නිලධාරියා විසින් පසු ගියදා කටුනායක ප්‍රදේශයේ කාන්තාවක් නිරෝධායනය වීම සඳහා යාමට සූදානම් වන ලෙසට තමන්ට දැනුම් දීමට පැමිණි විටදී එම කාන්තාව විසින් නිවසේ සිටි සුනඛයා ලිහා අදාල නිලධාරියව සපා කෑමට සලස්වා අනතුරක් සිදු කිරීමට තැත් කල බවට වාර්තා වෙනවා.

එහිදී අදාල හමුදා නිලධරියා කොරෝනා වෛරසයෙන් ආරක්ෂාවීමට විශේෂිත ඇඳුම්වලින් සැරසී සිට ඇති අතර සුනකයා සපාකෑමට ලුහු බැදීම නිසා නිවස වටේ දෙවරක් දිවීමට මෙම නිලධාරියට සිදුව තිබෙන බව පැවසෙනවා.


News Articles
Latest Videos
Most Popular Post