News Line| Off Air
Generic placeholder image

Oct
16

අනුලා බුලත්සිංහල කලාවේදිනිය දිවි සැරිය නිම කරයි – දේහය පිළිබද අවසන් කටයුතු හෙට

1761 Views


අනුලා බුලත්සිංහල කලාවේදිනිය දිවි සැරිය නිම කරයි – දේහය පිළිබද අවසන් කටයුතු හෙට

ප්‍රවීණ කලාවේදිනී අනුලා බුලත්සිංහල මහත්මිය අද පස්වරුවේ අභාවප්‍රාප්ත වුණා.

එ්, අසනීප තත්ත්වයක් හේතුවෙන් දින කිහිපයක සිට ශ්‍රී ජයවර්ධනපුර මහරෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි.

දශක ගණනක් ප්‍රේක්ෂක සිත් අමන්දානන්දයට පත් කිරීමට අැය සමත් වූයේ සිය විශිෂ්ට රංගන සහ ගායන හැකියාව මොනවට විදහා පාමින්.

ටෙලි නාට්‍ය, වේදිකා නාට්‍ය සහ සිනමා නිර්මාණ රැසකට දායකත්වය ලබා දුන් අැය ඉන් කිහිපයක ගීතවලට ද සිය හඩ දායකත්වය ලබා දුන්නා.

1967 වසරේදී අාර්.අාර්. සමරකෝන් මහතා නිර්මාණය කරන ලද “ලෙඩෙක් නැති ලෙඩෙක්” වේදිකා නාට්‍යය අැය සිය නිර්මාණ දායකත්වය ලබා දුන් ප්‍රථම නිර්මාණ කෘත්‍යයි.

අැය වඩාත් ජනාදරයට පාත්‍ර වන්නේ 1974 වසරේ රග දැක්වුණු “රතු හැට්ටකාරී” වේදිකා නාට්‍යයත් සමගයි.

අැගේ ස්වාමිපුරුෂයා වන ලූෂන් බුලත්සිංහල මහතා රචනා කරන ලද රතු හැට්ටකාරී ෙව්දිකා නාට්‍යයේ එන දී කිරි දී කිරි ගෙනාවා දී කිරි ගීතයට අැගේ හඩ මුසු වීමත් සමග එම නිර්මාණයත් අතිශය ප්‍රේක්ෂකාදරයට පත් වුණා.

1981 වසරේදී “තාරාවෝ ඉගිලෙති” නාට්‍යයේ ලොරීටා චරිතයට පණ පොවමින් අැය සිය කලා දිවියේ තවත් කඩඉමක් පසු කළා.

දයානන්ද ගුණවර්ධනයන්ගේ “මධුර ජවනිකා” ෙව්දිකා නාට්‍යයේ ජැක්සන් අැන්තනී කලාකරුවාණන් සමග රංගනයට එක් වෙමින් නෙයිනගේ සූදුව අනුලා බුලත්සිංහල කලාවේදිනිය දස්කම් පෑ තවත් අවස්ථාවක්.

නිල් දිය යහන, භවත්‍රා, අසන්දිමිත්තා යන නිර්මාණ කාර්යයන් හරහා රිදී තිරයේ ද අැය සිය හපන්කම් විදහා පෑමට සමත් වුණා.

දී කිරි දී කිරි, නෙයිනගේ සූදුව, රඟහල දැන් ඇත අඬ ඇඳුරේ, පන්සල පාමුල, බුදුන් වඳින මේ දෑතින්, සුදු ඔසරිය ඇඳලා ගීතවලට ඇය සිය හඩ දායකත්වය ලබා දුන්නා .

අැගේ දක්ෂතාවන්ට නිසි තැන දෙමින් මෙවර රාජ්‍ය නාට්‍ය උලෙළේදී ජීවිතයේ එක්වරක් පමණක් පිදෙන නාට්‍යකීර්ති සම්මානය ද අනුලා බුලත්සිංහල කලාවේදිනියට පිරිනැමුණා.

හලාවත මාදම්පේ ප්‍රදේශයේ උපත ලබා ඇති ඇය දරුවන් පස් දෙනෙකුගෙන් යුත් පවුලේ වැඩිමහල් දරුවා වන අනුලා මෙන්ඩිස් මහත්මිය විවාහයෙන් පසු අනුලා බුලත්සිංහල ලෙස නම් දැරීය.

කරුක්කුව සුගතානන්ද මහා විද්‍යාලයෙන් සිය මූලික අධ්‍යාපනය ලබා ගැනීමෙන් අනතුරුව සතොස ආයතයේ සේවිකාවක් ලෙස කටයුතු කළ අැය කලාවට පිවිසෙන්නේ එකලදීයි.

සිය රංගන සහ ගායන හැකියාවන් ඔස්සේ දසදහස් ප්‍රේක්ෂක සිත් මුසපත් කළ අනුලා බුලත්සිංහල කලාවේදිනිය දිවි සැරිය නිම කළේ, වසර 73ක් අවසනදීයි.

අනුලා බුලත්සිංහල කලාවේදිනියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට සිදු කෙරෙන බව ඥාතීන් ප්‍රකාශ කළා.

බොරැල්ල පෞද්ගලික මල් ශාලාවක ප්‍රභූන් සදහා වෙන් කෙරුණු ශාලාවේදී හෙට උදෑසන සිට දේහය තැන්පත් කර තැබෙනු අැති.


News Articles
Latest Videos
Most Popular Post