ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර සිට පුද්ගලයින් 12 දෙනෙකු අද උදෑසන දිවයිනට පැමිණියා.
එලෙස පැමිණි පුද්ගලයින් සියලු දෙනා ත්‍රිවිද හමුදාව මගින් පාලනය වන නිරෝධායන මධ්‍යස්ථාන තුළ නිරෝධායනය සඳහා යොමු කිරීමට පියවර ගෙන ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසුවා.
ත්‍රිවිද හමුදාව මගින් පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථාන තුළ නිරෝධායනය වූ පුද්ගලයින් 397 දෙනෙකු අද සිය නිරෝධායන කටයුතු අවසන් කර නිවෙස් වෙත පිටත්ව යාමට නියමිතයි.
එමෙන්ම අද වනවිට පුද්ගලයින් 53,011 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර තිබෙනවා.
කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ, ත්‍රිවිද හමුදාව මගින් පාලනය වන නිරෝධායන මධ්‍යස්ථාන 84ක් තුළ පුද්ගලයින් 9556 දෙනෙකු මේ වනවිට නිරෝධායනය වෙමින් සිටින බවයි.