කොළඹ මරදාන ප්‍රදේශයේ වාණිජ බැංකුවක සේවය කරන නිලධාරිනියකට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙන බව කරන ලද pcr පරික්ෂනයකින් තහවුරු වී තිබෙනවා.
බියගම පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා සදහන් කරන්නේ වයස අවුරුදු 33 වන මෙම ආසාදිත නිලධාරිනියගේ සමීපතමයින් හා ආශ්‍රිතයින් මේ වන විට නිරෝධායන ක්‍රියාවලිය සදහා යොමු කර ඇති බවයි.