කටුනායක වෙළද කලාපය අාශ්‍රිතව කොරෝනා වෙෙරසය අාසාදිත පුද්ගලයින් 135 දෙනෙකු පමණ හදුනාගෙන අැතැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමය පවසනවා.
එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පෙන්වා දෙන්නේ, මෙලෙස කොරෝනා රෝගීන් විශාල සංඛ්‍යාවක් එකවර ඒ ආශ්‍රිතව වාර්තා වෙමින් පැවතීම අවදානම් තත්ත්වයක් බවයි.
එම තත්ත්වය පාලනය කිරීම සඳහා මේ වනවිට උපරීම උත්සහයන් දරමින් සිටින බව ද ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයේ සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියා.
මේ අතර දිවුලපිටිය සහ මිනුවන්ගොඩ යන ප්‍රදේශ දෙකෙහි වසංගත තත්ත්වයේ බලපෑම යම්දුරකට පාලනය වෙමින් අැති බව මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමය පෙන්වා දෙනවා.
කෙසේවෙතත් එම ප්‍රදේශවල තවදුරටත් ආසාදිත රෝගීන් සිටින බවත් ඔවුන් දිනෙන් දින රෝගීන් ලෙස වාර්තා වෙමින් ඇති බවත් එම සංගමය ප්‍රකාශ කළා.