ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් ඊයේ පස්වරුවේ අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා.
දැනට ක්‍රියාත්මක ව්‍යාපෘති කිහිපයක් සහ ඉදිරියේ දී සහයෝගීතාව ඇතිකරගත හැකි ක්ෂේත්‍ර පිළිබද මෙහිදී අවධානය යොමුව තිබෙනවා.
අග්‍රාමාත්‍ය කාර්යාලය පැවසුවේ, පසුගිය මාසයේ දී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සහ අග්‍රාමාත්‍යවරයා අතර අන්තර්ජාලය ඔස්සේ පැවති සමුළුව පිළිබඳව පසුවිපරමක නිරත වීම මෙම හමුවේ මුලික අරමුණ බවයි.
සැමට සුරක්ෂිත පානීය ජලය සැපයීම මෙන්ම සනීපාරක්ෂාව පිළිබඳව අවධානය යොමුකළ යුතු ප්‍රමුඛ ක්ෂේත්‍රයක් බව මෙම හමුවේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දී තිබෙනවා.
පාසල්වල ජල අවශ්‍යතා, සනීපාරක්ෂක අවශ්‍යතා , වැසි ජලය එක්රැස් කිරීම සහ අපද්‍රව්‍යය පොහොර බවට පරිවර්තනය කළ හැකි ව්‍යාපෘති ඇතුළු දෙරට අතර ක්‍රියාත්මක කළ හැකි ක්ෂේත්‍ර කිහිපයක ව්‍යාපෘති පිළිබඳව ඉන්දීය මහකොමසාරිස්වරයා මෙහිදී අවධානය යොමුකර තිබෙනවා.
ශ්‍රී ලංකාවේ වියළි කලාපයේ පානීය ජලය නොමැතිකම බරපතල ගැටලුවක් බව පෙන්වාදුන් අග්‍රාමාත්‍යය මහින්ද රාජපක්ෂ මහතා ඒ සඳහා ලබාදිය හැකි සහය පිළිබඳව සොයා බලන ලෙසත් ඉන්දීය මහකොමසාරිස්වරයාට දැනුම් දී තිබෙනවා.