News Line| Off Air
Generic placeholder image

Oct
17

විදේශයන්වල සිර වී සිටින ලාංකිකයින් දිවයිනට ගෙන්වා ගැනීමට පියවර

936 Views


විදේශයන්වල සිර වී සිටින ලාංකිකයින් දිවයිනට ගෙන්වා ගැනීමට පියවර

කොරෝනා වෙෙරසය හේතුවෙන් විදේශ රටවල සිර වී සිටින ලාංකිකයින් දිවයිනට ගෙන්වා ගැනීම ලබන සතියේ සිට අරඹන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා.

වෙෙරසයේ ව්‍යාප්තියත් සමග මේ වනවිට එම කටයුතු තාවකාලිකව නවතා ඇති අතර දැනට භාණ්ඩ රැගත් ගුවන් යානා මගින් විදෙස් රටවල සිටින පුද්ගලයින් විටින් විට මෙරටට රැගෙන ඒමට පියවර ගෙන තිබෙනවා.

විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසුවේ, මේ වනවිට විදේශයන්හි සිරවී සිටින පුද්ගලයින් 54,000 ක් මෙරටට රැගෙන ඒමට නියමිත බවයි.

රටවල් 122 ක පුද්ගලයින් 43,550 ක් මේ වනවිට මෙරටට රැගෙන විත් ඇති බව ද විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසුවා.


News Articles
Latest Videos
Most Popular Post