හික්කඩුවේ කාන්තාවක් පොලිස් අත්අඩංගුවේ සිටියදී මියයාම සම්බන්ධයෙන් මේ වනවිට පරීක්ෂණයක් ආරම්භකර ඇතැයි පොලිසිය පවසනවා.
මත්ද්‍රව්‍ය චෝදනාවක් සම්බන්ධයෙන් අදාළ කාන්තාව අත්අඩංගුවට ගෙන ඇති අතර ප්‍රශ්න කිරීම් අතුරතුරඇයට ඇති වූ හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් කරාපිටිය රෝහලටඇතුළත් කර තිබෙනවා.
පොලිසිය පැවසුවේ, ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ පස්වරුවේය ඇය මියගොස් ඇති බවයි.
හික්කඩුව, කලුපේ ප්‍රදේශයේ පදිංචිව සිටි 52 හැවිරිදි අදාළ කාන්තාව පසුගිය 13 වැනිදා හික්කඩුව පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිළධාරීන් අත්අඩංගුවට ගෙන තිබුණේ මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීමේ චෝදනාවක් මතයි.
එම කාන්තාවගේ ඥාතීන් පිරිසක් ඊයේ හික්කඩුව පොලීසිය ඉදිරිපිට විරෝධතාවක ද නිරත වූ අතර පොලිසිය කළ පහර දීමකින් ඇය මියගිය බවට ඔවුන් චෝදනා කළා.
කෙසේ වෙතත් ඇයගේ මරණයට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.
මේ අතර පසුගිය 11 වැනිදා ද පොලිස් අත්අඩංගුවේ සිටියදී 21 හැවිරිදි තරුණයෙකු මියයාමේ සිද්ධියක් පූගොඩ ප්‍රදේශයෙන් වාර්තා වූ අතර ඒ සම්බන්ධයෙන් පැවැත්වූ පරීක්ෂණවලට අදාළව පූගොඩ පොලිසියේ නිලධාරීන් දෙදෙනෙකුගේ සේවය අත්හිටවනු ලැබුවා.