හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා අද අලුයම් කාලයේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබූනා. ඒ දෙහිවල ගල්කිස්ස නගර සභාව ඉදිරිපිට පිහිටි සුඛෝපභෝගී මහල් නිවාසයක සැඟවී සිටිය දීය. එම නිවාස ඔහුගේ හිතවතෙක් බව පැවසෙන වෛද්‍යවරයක්ගේ නිවසක් වන අතර සැකකරුවෙක් සඟවාගෙන තබා ගැනීමේ චෝදනාවට එම වෛද්‍යවරයාත් ඔහුගේ බිරිය ද පොලිස් අත් අඩංගුවට ගෙන තිබෙනවා.