මොරටුමුල්ල, ප්‍රදේශයේ තරුණියකට ඇයගේ විවාහ ගිවිස ගැනීම දිනයේ අලුයම් කාලයේ දී කොරෝනා ආසාදනය වී ඇති බව හදුනාගෙන තිබෙනවා.
මේ අතර එම විවාහ ගිවිස ගැනීමේ උත්සවයට සහභාගීවීමට පැමිණි ඇගේ සමීපතමයින් මේ වන විට පී.සී.ආර්. පරීක්ෂණ භාජනය කර තිබෙන අතර එහිදී ද තවත් 27 හැවිරිදි තරුණියකට ද වෛරසය ආසාදනය වී තිබෙන බවටද තහවුරු වී තිබෙනවා.