කොරෝනා වෙෙරස් ආසාදිතයින් ඉහළ යාමත් සමග ප්‍රතිකාර කටයුතු පුළුල් කිරීම සදහා අවශ්‍ය පහසුකම් සකස් කරමින් සිටින බව සෞඛ්‍ය අංශ පවසනවා.
ඒ් අනුව මේ වනවිට ප්‍රාදේශීය මට්ටමෙන් රෝහල් යොදා ගැනීමට කටයුතු කර තිබෙනවා.
නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසන්නේ, අදාළ රෝහල්වල පහසුකම් සකස් කිරීම මේ වනවිට අරඹා ඇති බවයි.
මේ වනවිට කොරෝනා ආසාදිතයින් රෝහල් 19 ක ප්‍රතිකාර ලබමින් සිටිනවා.
වාර්තා වන සෑම කොරෝනා ආසාදිතයෙකු සඳහාම ප්‍රතිකාර කිරීමට රෝහල්වලට අවශ්‍ය පහසුකම් සකසා දීමට කටයුතු කරන බව ද නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.