කොරෝනා වසංගතයේ අවදානම නිසි පරිදි තක්සේරු කර ප්‍රාදේශීය වශයෙන් වසා දැමීමට කටයුතු නොකළහොත් රටම වසා දැමීමේ අවදානමක් මතුවනු ඇතැයි රජයේ වෙෙද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.
වසංගත රෝග විද්‍යා අංශයේ දත්ත අනුව රට තුළ පිහිටා ඇති සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස 340ක් තුළින් කොරෝනා රතු අවදානම් කලාප වී ඇත්තේ වෛද්‍ය නිලධාරී කොට්ඨාස 25-30 ත් අතර ප්‍රමාණයක්.
කොළඹ පැවැති මාධ්‍ය හමුවකට ඒක් වෙමින් රජයේ වෙෙද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසන්නේ, වසංගතය පැතිරීමේ අවදානම අඩු කිරීම සඳහා හොඳම ක්‍රමය කුඩාම ඒකකයට සංචරණ සීමා පැනවීම බවයි.
ඒ අනුව ග්‍රාම නිලධාරි කොට්ඨාස මට්ටමින් අවදානම හඳුනාගෙන අවශ්‍ය කොටස් සදහා සංචරණ සීමා පැනවීම වඩාත් සුදුසු බවත් එමගින් සමස්ත රටට සිදුවන බලපෑම අවම කර ගත හැකි බවත් ඔහු පෙන්වා දෙනවා.