මේ සතිය තුළ පැවැත්වීමට නියමිත විසිවැනි ව්‍යවස්ථා සංශෝධනය කල් දැමීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කථානායකවරයාගෙන් ඉල්ලීමක් කරනවා.
කතානායකවරයා වෙත ලිපියක් යොමු කරමින් ඔහු පවසන්නේ, රජය ප්‍රමාද වී හෝ ගැසට් කරන ලද රෙගුලාසි අනුව මෙම විවාදය පවත්වන්නේ නම් දුරස්ථභාවය ආරක්ෂා කරගත යුතු බවයි.
පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් අසුන් ගන්නා ආකාරය රජයේ රෙගුලාසිවලට පරස්පර බවත්, රැස්වීම් පැවැත්වීම සීමා කර ඇති අවස්ථාවක පාර්ලිමේන්තුව පැවැත්වීම එම නීතිරිතිවලට පටහැනි බවත් විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා පෙන්වා දෙනවා.
නීති සම්පාදනය කරන ස්ථානයම නීති උල්ලංඝනය කරන්නේ නම් රටට දෙන ආදර්ශය කුමක්ද යන්න ඔහු කථානායකවරයා වෙත යොමු කළ ලිපියෙන් විමසා තිබෙනවා.
