News Line| Off Air
Generic placeholder image

Oct
19

පකිස්තාන අගමැතිට ධුරයෙන් ඉල්ලා අස්වන්නැයි බල කරමින් විරෝධතා

680 Views


පකිස්තාන අගමැතිට ධුරයෙන් ඉල්ලා අස්වන්නැයි බල කරමින් විරෝධතා

පකිස්තානයේ අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට ඉල්ලා අස්වන්නැයි බල කරමින් ඒරට වැසියන් විශාල පිරිසක් විරෝධතාවක නිරත වන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

කරච්චි නුවරට රැස්වූ දහස් සංඛ්‍යාත විපක්ෂ ආධාරකරුවන් චෝදනා කළේ, අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ රජය රට අස්ථාවර කර ඇති බවටයි.

පකිස්තානයේ ප්‍රබල විපක්ෂ කණ්ඩායම් 9 ක් මෙම විරෝධතාවල මූලිකත්වය ගෙන කටයුතු කරන බවයි ඒරට මාධ්‍ය පෙන්වා දෙන්නේ.

පකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය නවාස් ෂරීෆ්ගේ දියණිය වන මර්යාම් නවාස් ද මෙම විරෝධතාවල පෙරමුණ ගෙන කටයුතු කරන අතර ඇය චෝදනා කරන්නේ, රටේ ජනතාවගේ රැකියා අහිමි කළ අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ප්‍රමුඛ රජය, ජනතාවගේ ආහාර වේල පවා අහිමි වන තත්ත්වයකට රට පත් කර ඇති බවටයි.

තරුණ පරම්පරාව සිය අනාගතය පිළිබඳව කලකිරී ඇති බවත් ගොවීන් හාමතේ නිවෙස්වලට වී දුක් විදින බවත් අනෙකුත් විපක්ෂ කණ්ඩායම්වල චෝදනාවයි.

කොරෝනා ගෝලීය වසංගත තත්ත්වය ව්‍යාප්ත වීමට පෙර සිටම පකිස්ථාන ආර්ථිකය පහත වැටෙමින් පවතින බවට විපක්ෂ කණ්ඩායම් දිගින් දිගටම අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ප්‍රමුඛ රජයට චෝදනා කළා.


News Articles
Latest Videos
Most Popular Post