අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාව කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට රැගෙනවිත් තිබෙනවා.
ඔහුව මීට සුළු මොහොතකට පෙර අධිකරණය වෙත රැගෙන ආවේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුවයි.
අද අලුයම දෙහිවල ප්‍රදේශයේ මහල් නිවාස සංකීර්ණයකදී රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගනු ලැබුවේ ඔහුව අත්අඩංගුවට ගන්නා ලෙසට නීතිපතිවරයා උපදෙස් දී දින හයකට පසුවයි.