News Line| Off Air
Generic placeholder image

Oct
20

තවත් අපරාධ කල්ලි සාමාජිකයෙකු අත්අඩංගුවට

1215 Views


තවත් අපරාධ කල්ලි සාමාජිකයෙකු අත්අඩංගුවට

අපරාධකරුවන් සෙයා ක්‍රියාත්මක කරන විමර්ශනවලදී තවත් අපරාධ කල්ලි සාමාජිකයෙකු අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්යය බලකාය සමත් වුණා.

ඒලෙස අත්අඩංගුවට පත් වුණේ, සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජිකයෙකු වන ‘කිඹුල ඇලේ ගුණා‘ නමැත්තාගේ සමීපතමයෙක්.

පොලිස් විශේෂ කාර්යය බලකා නිලධාරීන් වැල්ලම්පිටිය ප්‍රදේශයේ ක්‍රියාත්මක කළ වැටලීමකදී හෙරොයින් ග්‍රෑම් 4යි මිලිග්‍රෑම් 320ක් සමග සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු මත්ද්‍රව්‍ය ජාවාරම් සහ මනුෂ්‍යය ඝාතන රැසකට සම්බන්ධ අයෙක් බවයි පොලිස් විශේෂ කාර්යය බලකාය පැවසුවේ.

ඔහු වැල්ලම්පිටිය පොලිසියට භාර දී ඇති අතර අද අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.


News Articles
Latest Videos
Most Popular Post