සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙක් වන මාකදුරේ මදුෂ් අද උදෑසන ඝාතනයට ලක්වූ අතර ඔහුගේ මෘත ශරීරයේ මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් අනතුරුව පවුලේ ඥාතීන්ට භාර දීමට නියමිතව තිබු අතර මේ අනුව ඝාතනය වූ පසුව එම මළ සිරුර පවුලේ අයෙකු විසින් හඳුනාගැනීමට සදහා මුල් විවාහක බිරිය වන ගයනි මුතුමාලි නමැති කාන්තාව පැමිණසිටි අතර ඇය මෘත දේහය තම ස්වාමියාගේ බව හදුනා ගැනීමෙන් අනතුරුව මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත් වූවා.
මෙම අවස්ථාවට ඔහුගේ දෙවන් බිරිය යැයි පවසන කළුතුෂාර නමැති පාතාල නායකගේ වැන්දඹු බිරිය වූ දිලිනි නමැත්තිය ද පැමිණ සිටි අතර එහිදී ඔහුගේ දේහය පිලිබදව අයිතිය ප්‍රකාශ කරමින් එයට බලපෑම් කර තිබෙනවා. මෙහිදී මරණ පරීක්ෂකට ගැටළු කාරී තත්වයක් ඇතිව තිබෙන නිසා එය උසාවියෙන් බේරා ගැනීම සදහා යොමු කර තිබෙනවා.
මේ අනුව අධිකරණයට කරුණුවාර්තා කිරීමෙන් අනතුරුව මධූෂ්ගේ දේහය ඔහුගේ නීත්‍යානුකූල බිරිඳට දෙන ලෙස අධිකරණයෙන් නියෝග කර තිබෙනවා.