රට තුළ පවතින වසංගත තත්ත්වය හමුවේ ඉන් සිසුන්ට සිදුවන බලපෑම වැළක්වීම සදහා උසස් පෙළ මධ්‍යස්ථානවල සෞඛ්‍යාරක්ෂාව තවදුරටත් වැඩි කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
ඒම අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ, විභාග මධ්‍යස්ථානවල සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කිරීම සදහා සිය අමාත්‍යාංශය මගින් මුදල් ප්‍රතිපාදන වෙන් කර ඇති බවයි.
ඒ අනුව විභාග මධ්‍යස්ථාන පිහිටි පාසල්වල පාසල් සංවර්ධන සමිති සඳහා රුපියල් 15,000 බැගින් වු මූල්‍ය ප්‍රතිපාදන වෙන් කර ඇති අතර එම සමිතිවල බැංකු ගිණුම් වෙත අදාළ මුදල් බැර කෙරෙනවා.
එම මුදල්වලින් විභාග කාර්ය මණ්ඩලය සඳහා අවශ්‍ය සෞඛ්‍ය ආරක්ෂිත උපකරණ මිල දී ගැනීමට අවකාශ සැළසෙනු ඇති.
අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළේ, දැනට විභාග ශාලාධිපතිවරුන්ට නිකුත් කර ඇති ආරක්ෂිත ඇඳුම් පැළදුම්, විෂබීජ නාශක සේදුම් කාරක හා මුව ආවරණවලට අමතරව මෙම මූල්‍ය ප්‍රතිපාදන ලබා දෙන බවයි.
මෙමගින් විභාග මධ්‍යස්ථාන 2648 ක සිසුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා විභාග කාර්යය මණ්ඩලයට ලැබෙන අවස්ථාව පුළුල් වන බව ද අදාළ නිවේදනයේ සදහන්.