මාලිගාවත්ත නිවාස සංකීර්ණයේ සඟවා තිබූ මත්ද්‍රව්‍ය කිලෝ 22ක් සොයා කළ සෝදිසි මෙහෙයුමක් අතරතුර සිදුවූ වෙඩි හුවමාරුවකදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන මාකඳුරේ මධුෂ් වෙඩිවැදි මරණයට පත්වුණා.
අද අලුයම ඒම වැටලීම සිදුකර අැති අතර ඔහු එම ස්ථානයට රැගෙන ගොස් ඇත්තේ, කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්.
එහිදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පොලිස් නිලධාරීන්ට වෙඩි තබා තිබෙනවා.
ඉන් අනතුරුව ඇති වූ වෙඩි හුවමාරුවෙන් මාකඳුරේ මධූෂ්ට සහ නිලධාරීන් දෙදෙනෙකුට තුවාල සිදුවී අැති බවයි පොලිසිය පැවසුවේ.
ඉන් මාකඳුරේ මධූෂ් මරණයට පත්වුණා.
අනතුරුව එම ස්ථානයේ සිදුකළ සෝදිසියෙන් රුපියල් කෝටි 22ක් වටිනා මත්ද්‍රව්‍ය කිලෝ 22ක්, පිස්තෝල දෙකක් සහ යතුරුපැදියක් සොයාගෙන තිබෙනවා.
වසර ඒකහමාරකට ආසන්න කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයේ සිටි මාකඳුරේ මධුෂ් පසුගිය සිකුරාදා වැඩිදුර පරික්ෂණ සඳහා කොළඹ අපරාධ කොට්ඨාසයට භාර දෙනු ලැබුවා.
අනතුරුව කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් මාකඳුරේ මධුෂ් ලබාදුන් තොරතුරකට අනුව කොටිකාවත්ත ප්‍රදේශයේ සඟවා තිබූ හෙරොයින් කිලෝ 10ක් සොයා පසුගියදා සොයාගත්තා.
වසර ගණනාවක් ඩුබායිහි රැඳී සිටි මාකඳුරේ මධුෂ් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ බුද්ධි මෙහෙයුමකින් අනතුරුව මෙරටට රැගෙන අාවේ පසුගිය වසරේදීයි.