News Line| Off Air
Generic placeholder image

Oct
20

අඩු ආදායම්ලාභී ලක්ෂයකට රැකියා පත්වීම් ලිපි ප්‍රදානය ඇරඹේ

910 Views


අඩු ආදායම්ලාභී ලක්ෂයකට රැකියා පත්වීම් ලිපි ප්‍රදානය ඇරඹේ

අඩු ආදායම්ලාභී පවුල්වල තෝරාගත් පිරිසක් සදහා රැකියා ලබාදීමට අදාළ පත්වීම් ලිපි ප්‍රදානය ආරම්භකර තිබෙනවා.

එහි ප්‍රථම අදියර සදහා පුද්ගලයින් 34, 818 දෙනෙකු තෝරාගෙන ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළා.

එලෙස තෝරාගත් පුද්ගලයින්ට ක්ෂේත්‍ර 25ක් යටතේ මාස 6ක පුහුණුවක් ලබාදීමට කටයුතු කර තිබෙනවා.

පුහුණු කාලය තුළ ඔවුන්ට රුපියල් 22,500ක මාසික දීමනාවක් ලබාදීමට සැළසුම් කර ඇති අතර පුහුණුවට අදාළ සහතික පතක් ද පිරිනැමීමට නියමිත බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.

පුහුණුවෙන් පසු ඔවුන්ව අමාත්‍යාංශ, සංස්ථා, දෙපාර්තමේන්තු ඇතුළු රජයේ ආයතනවල පුරප්පාඩු සදහා යොදවනු ඇති‍.

එමෙන්ම අතහැර දමා ඇති ඉඩම්වල නවීන තාක්ෂණය යොදා ගනිමින් එළවළු සහ පළතුරු වගා කිරීමට, වනජීවි හා වන සංරක්ෂණ කටයුතුවලට මෙන්ම ග්‍රාමීය රෝහල් හා පාසල්වල කටයුතු සදහා අදාළ පිරිස යොදවන බව ද ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළා.


News Articles
Latest Videos
Most Popular Post