අපරාධ පරීක්ෂණ දෙපාර්තෙම්න්තුවේ අත්අඩංගුවට පත් වූ රිෂාඩ් බදියුදීන් මහතා මේ මස 27 වැනිදා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.
ඒ්, ඔහුව ඊයේ පස්වරුවේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
රක්ෂිත බන්ධනාගාරගත කර සිටින රිෂාඩ් බදියුදීන් මහතාව මීගමුව, පල්ලන්සේන තරුණ වරදකරුවන්ගේ විශෝධන මධ්‍යස්ථානය වෙත යොමු කිරීමට නියමිත බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරාය පැවසුවා.
පසුගිය මහමැතිවරණ සමයේ අවතැන් වූ පුද්ගලයින් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා පුත්තලමේ සිට මන්නාරමට ප්‍රවාහනය කිරීමෙන් රාජ්‍ය මුදල් අවභාවිත කිරීම සහ මැතිවරණ නීති උල්ලංඝණය යන චෝදනා මත ඔහුව අත්අඩංගුවට ගත්තේ ඊයේ උදෑසනයි.
ඒ් දෙහිවල ප්‍රදේශයේ මහල් නිවාස සංකීර්ණයක සැගව සිටියදීයි.
රිෂාඩ් බදියුදීන් මහතාට රැකවරණය සැපයූ 7 දෙනෙකු ද ඊයේ අත්අඩංගුවට ගත්තා.
මේ අතර තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස ඉල්ලා රිෂාඩ් බදියුදීන් මහතා අභියාචනාධිකරණයට ගොනු කළ රීට් පෙත්සම අද සළකා බැලීමට නියමිතයි.