News Line| Off Air
Generic placeholder image

Oct
20

අනාරක්ෂිත වගා ළිදකට දිය නෑමට ගිය එකම පවුලේ දරුවන් තිදෙනාට සිදු වූ ඉරණම

1118 Views


අනාරක්ෂිත වගා ළිදකට දිය නෑමට ගිය එකම පවුලේ දරුවන් තිදෙනාට සිදු වූ ඉරණම

ගලේවල, රන් වැඩියාව ප්‍රදේශයේ පිහිටි අනාරක්ෂිත වගා ළිදකට දිය නෑමට ගිය එකම පවුලේ අක්කා නංගි සහ මල්ලි යන තිදෙනා අනාරක්ෂිත වගා ළිදකට ඇද වැටි මිය ගොස් ඇති බව පොලීසිය සදහන් කරනවා.

ජල හිගයකට පත්ව සිටින එම ප්‍රදේශයේ ජනතාව මෙලෙස කොස්පොත ඇළ මාර්ගයේ කපා ඇති ආනරක්ෂිත වගා ළිද දිය නෑම සදහා ගමන් කරන බවයි සදහන් වන්නේ.

මොවුන් තිදෙනා ද මෙලෙස ඊයේ උදෑසන කාලයේදී දිය නෑම සදහා පිටත්ව ගොස් තිබෙන අතර නැවත නිවසට නොපැමිණිම නිසා මෙලෙස මොවුන් සොයා ගම්වාසීන් සිදු කල සෙවීමේදී මොවුන්ගේ පාවහන් සහ ඇදුම් වගයක් එම ලිද අසල තිබියදී සොයාගෙන තිබෙන අතර ඔවුන් ලිදට වැටි ඇති බවට සිදු කල සැකය මත පැය ගණනාවක් පුරා එම ලිදේ වතුර ඉවත් කල පසු එම දරුවන් තිදෙනාගේ මෘත ශරීරයන් ලිද ඇතුලත තිබී සොයාගන තිබෙනවා.

සිද්ධිය පිලිබදව විශේෂ පරීක්ෂණයක් ක්‍රියාත්මක බවයි පොලිසිය වැඩි දුරටත් සදහන් කරන්නේ.


News Articles
Latest Videos
Most Popular Post